Banner

Thursday, July 18, 2013

අන්ත්‍රාදායකයි... මොකද්ද මේ IMEI අංකය.. බලන්න ඔයාටත් වැදගත් වේවි..

ඉතින් කොහොමද යාලුවනේ...


අද මන් කියන්න යන්නෙ ගොඩක් කට්ටිය අතරෙ කතාවෙන IMEI අංකය ගැන විස්තර ටිකක්..

මේක ගන දන්න අය අති,එත් මං මේක කියන්නෙ නොදන්න අයත් අති කියල හිතල., ගිය post එකේ නම් මං කියපු දේ කරල මටම වැඩ දාන්න ආපු කට්ටියත් හිටිය, ඒකනම් ලෝක ස්වභාවයනේ යාලුවනේ,, හරි ඔන්න එහෙනෙම්,


IMEI අංකය කියන්නෙ අනන්‍යතා අංකයක්,මේක ජංගම දුරකථන වලට මෙන්ම විවිධ උපාංග වලටඩ භාවිතා වෙනව,
 වැදගත්ම දේ යාලුවනේ කිසිම ජංගම දුරකතන දෙකකට එකම IMEI අංකයක් තියෙන්න විදියක් නෑ...
ඒ වගේම තමයි එක ජංගම දුරකතනයකට මෙවැනි අංක දෙකක් තියෙන්නත් බෑ.. කෙටියෙන් කිව්වොත් දරුවනේ මේක ජංගමදුරකතන සදහා තියන හදුනුම්පතක් වගේ..

මේ අංකය දුරකතන වල බැටරියට පිටුපසින් අති අලු පැහැයට හුරු ස්ටිකරයක් මත තමයි මුද්‍රනය කරල අලවල තියෙන්නෙ... ඉලක්කම් 15 ක් 17 ක් වගේ ආකාර වලින් තියෙනව..

මේ අංකය දැනගන්න එකේ ප්‍රයෝජන ගොඩයි,

ඔබේ දුරකතනය නැති වූ විටක ඔබ එහි IMEI අංකය දන්නවා නම්, එම රටවල් තුල භාවිත වන දුරකතන ජාලයන් හට එම අංක ලබා දී එම දුරකතනය නැවත භාවිතයට නොගෙනිය වන්නගට කටයුතු සලස් විය හැකි අතරම ඔබේ දුරකතනයට අගුලු වටුනු විටක ද එම දුරකතනයේ අගුලු ඇරීමට ඔබට මෙම අංකය වැදගත් වනු ඇත,.

එසේම ඔබගේ දුරකතනය ව්‍යාජ එකක් ද යන්න මෙම අංකය භාවිතයෙන් ඔබට සොයා ගන්න පුලුවන්.. ඒක අලුතින් ම දුරකතනයක් ගද්දි ගොඩාක් වැදගත්

මේ link එක ඔයාට උදව් කරාවි ඔයාගෙ දුරකතනයත් ව්‍යාජ එකක් ද නැත්ද කියන එක දැනගන්න,,
ිත්
ලින්කුව ගන්න මෙතන කොටන්න

මේකෙන් තව විස්තරත් ඔයාලට දැනගන්න පුලුවන් වේවි,

IMEI අංකය හොයාගන්න ඔයාලට පොඩි දෙයයි කරන්න ඕනි, සාමාන්‍ය Call එකක් ගන්න විදියටම *#06# කියන keys ඔබන්න, එවිට අංකය දිස් වේවි,,

දැන් නම් චීනයේ නිශ්පාධනය කරන ගොඩාක් දුරකතන ව්‍යාජ ඒව,,

හොර වැඩ වලටනම් ඉතින් චීනයේ නිශ්පාධිත දුරකතන හොද නිසා තමයි එහෙම IMEI අංක වැරදි දුරකතන ගොඩාක් රටවල භාවිතය තහනම් කරල තියෙන්නෙ,

අපේ රටේ ඉතින් හොරු නෑනේ,.

තව පොඩ්ඩෙන් අමතක වෙනව, apple දුරකතන වල IMEI අංකය හොයන්නෙ මෙහෙමයි..
Settings<General<About ගියාම ඇති IMEI Number කියල,

ඔන්න යාලුවනේ මං දන්න දේ අඩුවක් නැතුව කිව්වා.
.
හැමදාමත් කියනව වගේ මේකෙන් දෙයක් ඉගන ගත්තනම් Like,Comment එකක් දැම්මට කමක් නෑ.,
එහෙනම් මං යනවා... හැමෝටම සුභ අනාගතයක්..

ආ...... තව ඩිංගෙන් අමතක වෙනවා...

මේ තියන විදියට ඔයාලට හොයා ගන්න පුලුවන් ඔයාගෙ දුරකථනයත් තත්වෙන් උසස්ද කියලා...





0 හිතෙන දේවල්:

Post a Comment